නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කුරුණැගල නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, Sunshine Foundation for Good සහ Sunshine Holding පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරුවැල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු 1086 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 මාර්තු මස 04 වැනි දින සිදු කෙරිණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජලය ලීටර් 10000ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, එමඟින් නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ දූදරුවන්ගේ සහ එම ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.