පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Frigate (FFG) වර්ගයට අයත් ‘PNS ASLAT’ නෞකාව, දිගින් මීටර් 123ක් හා නැව් මුළුව 243ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් MUHAMMAD AZHAR AKRAM කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘PNS ASLAT’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, නිල සංචාරය අවසන් කරමින් ‘PNS ASLAT’ නෞකාව 2025 මාර්තු මස 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.