ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයට අයත් ‘INS KUTHAR’ නෞකාව, දිගින් මීටර් 91.16ක් හා නැව් මුළුව 129ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් Nitin Sharma කටයුතු කරනු ලබයි.

මෙම නිල සංචාරයේදී ‘INS KUTHAR’නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් හා පුහුණු හුවමාරු වෙනුවෙන් සංවිධානය කෙරෙණ වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතව ඇත.

තවද, ‘INS KUTHAR’නෞකාව නිල සංචාරය නිමා කරමින් 2025 මාර්තු මස 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.