නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ආචාර්ය පැරකුම් ඕවිටිගල මහතාගේ මූල්‍ය දායකත්වයෙන් මොණරාගල අධ්‍යාපන කලාපයේ වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු 1085 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 28 වැනි දින සිදු කෙරිණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජලය ලීටර් 10000ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, එමඟින් වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේ දූදරුවන්ගේ සහ එම ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.