නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් තිස්සමහාරාම ශ්‍රී දේවානන්ද ජාතික පාසලේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ඉංජිනේරු බුද්ධි මංගල මහතාගේ මූල්‍ය දායකත්වයෙන් හම්බන්තොට අධ්‍යාපන කලාපයේ තිස්සමහාරාම කොට්ඨාසයට අයත් ශ්‍රී දේවානන්ද ජාතික පාසලේ ස්ථාපනය කෙරුණු 1084 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 27 වැනි දින සිදු කෙරිණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජලය ලීටර් 10000ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, එමඟින් ශ්‍රී දේවානන්ද ජාතික පාසලේ දූදරුවන්ගේ සහ එම ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.