නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 11 වැනි දින අධිකරණ අමාත්‍යංශයේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා හමු විය.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම නිල හමුවේදී, නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමන් විසින් නාවික හමුදාධිපති වෙත සුභපැතුම් පිරිනමන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.