ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා නාවික හමුදා ධජ නිලධාරි නාවික දියත් විධානය තනතුරේ වැඩ භාරගැනීම අද (2025 පෙබරවාරි 10) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා නාවික දියත් විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ධජ නිලධාරි නාවික දියත් විධානය වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සංජීව පෙරේරා විසින් එම ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වෙත භාර දීම සිදු කෙරිණි.