ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව අද (2025 පෙබරවාරි 09) බස්නාහිර සහ දකුණු පළත් තුළ ආරම්භ කෙරුණු වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදීම සිදු කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ සියළුම වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව අද (2025 පෙබරවාරි 09) ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපතේ පැවති ප්‍රධාන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ, වරාය නගරය, ගාලු මුවදොර, කොළඹ වරාය, වැල්ලවත්ත හා ගම්පහ, කලුතර, ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි වෙරළ තීර ආශ්‍රීතව රජය විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය මෙලෙස ලබාදීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
ඒ අනුව, මෙම වැඩසටහන මඟින් වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් හා ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලි කසල විශාල ප්‍රමාණයක් එක්රැස්කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
තවද, 2025 පෙබරවාරි මස 08 සහ 09 දෙදින මන්නාරම වංකාලේ, තාල්පාඩු සිට ඕලුතුඩායි දක්වා සහ තලෛමන්නාරම ප්‍රදීපාගාරය අසල සිට පියරගම දක්වා වූ වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් සිදු කෙරුණි.