ශ්‍රී ලංකාවේ ගරු ඉතාලි තානාපති නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා නිල හමුවක් සඳහා අද (2025 පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

මෙම නිල හමුවේදී, 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත ඉතාලි තානාපතිතුමන් විසින් සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Fabio CIMA ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.