‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය ආරම්භවෙයි
පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසයේ සමාරම්භය අද (2025 පෙබරවාරි 07) පාකිස්ථානයේ කරච්චිහි නාවික වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නාවික හමුදා පුද්ගලයන් සහභාගී විය.
ඒ අනුව, අද (2025 පෙබරවාරි 07) සිට පෙබරවාරි මස 11 දින දක්වා පාකිස්ථානයේ කරච්චිහිදී පැවැත්වීමට නියමිත මෙම නවවැනි අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඇතුළු කලාපීය හා කලාපයෙන් ඔබ්බෙන් වූ රාජ්‍යයන් 60ක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන්, සමුද්‍රීය ක්‍ෂෙත්‍රයේ විද්වතුන් සහ සමුද්‍රීය පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.