නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු ජනාධිපති තුමන් බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 පෙබරවාරි මස 06 වැනි දින සිය ප්‍රථම නිල හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා බැහැදකින ලදි.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම නිල හමුවීමේදී, නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් ගරු ජනාධිපති තුමා විසින් නාවික හමුදාධිපති වෙත සුභපැතුම් පිරිනමන ලදි.

තවද මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ගරු ජනාධිපති තුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.