ඉන්දියාවේ නැමීබියා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි හි නැමීබියා ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් සහ ශ්‍රී ලංකාවේද ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Lisias Kondjeni Kangandjela නිල හමුවක් 2025 පෙබරවාරි මස 05 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

මෙම නිල හමුවේදී, ඉන්දියාවේ නැමීබියා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ නැමීබියා ආරක්‍ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.