ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 පෙබරවාරි මස 04 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද (2025 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් WIRASTYO HAPRABU, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා සමඟ නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සමඟ නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේදී අද (2025 පෙබරවාරි 05) පැවැත්වුණු අතර, නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද එහි නැව් මුළුව සහභාගී විය.