වැදගත් සිදුවීම්

උතුරු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ප්‍රාදේශීය ගැටළු සඳහා අන්තර් සම්බන්ධීකරණ ප්‍රවිශ්ඨයක්

උතුරු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සහ පවත්නා කාලගුණික තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ බහු ආයතන සම්බන්ධීකරන රැස්වීමක්, 2025 දෙසැම්බර් මස 10 වැනි දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ යාපනය දිස්ත්‍රීක් ලේකම් එම් පිරතීපන් මහතා, උතුරු පලාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පලාත් මාර්ග සංවර්ධන, ආපදා කළමනාකරණ, ධීවර හා ජලජ සම්පත්, විදුලිබල, රේගු සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උතුරු නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

16 Dec 2025

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ මධ්‍ය නිලධාරීන් 61 ක් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 08 ක් අධිකාරියට පත් කිරීම හා විසිර යාම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 40 වැනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් තිස්තුන් දෙනෙකු (33), ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 65 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසිඅට දෙනෙකු (28) සහ 2024 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් අට දෙනෙකු (08) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 13 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

16 Dec 2025

කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක සිදුවූ කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පාලනය කරයි

කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක අද උදෑසන (2025 දෙසැම්බර් 14) සිදුවූ හදිසි කාන්දුවක් හේතුවෙන්, කොළඹට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ ඇතිවූ ඉන්ධන විසිරීම, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව සිදුකල මෙහෙයුමක් මඟින්, සාර්ථකව පාලනය කිරීමට කටයුතු කෙරිණි.

15 Dec 2025

ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය අධාර හා ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ; ජනතාව වෙත ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම, පොදු ස්ථාන හා පානීය ජල ළිං පිරිසිදු කිරීම, මාර්ග හා දුම්රිය මාර්ග පිළිසකර කිරීම, පාලම්, ජල පවිත්‍රාගාර හා සොරොව් අළුත් වැඩියාව සඳහා කිමිදුම් සහය ලබාදීම සහ ආපදාවට පත් ජනතාව වෙත සහනාධාර බෙදාහැරීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව දායක වේ.

13 Dec 2025

75 වන නාවික හමුදා සංවත්සරයට සමඟාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ ප්‍රජා සෞඛ්‍ය සායනයක් 2025 දෙසැම්බර් මස 07 වන දින ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේත්, ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 දෙසැම්බර් මස 10 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදීත් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

12 Dec 2025

නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වීම සඳහා අද (2025 දෙසැම්බර් 10) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

10 Dec 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පුක්කුලම් ධීවර ගම්මානයේ ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීම 2025 දෙසැම්බර් 09 වැනි දින සිදුකෙරුණු අතර, නයාරු කලපුව ඔස්සේ ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම යටතේ පුද්ගලයින් හාරසිය පනහක් (450) සහ යතුරුපැදි තිස්තුනක් (33) 2025 දෙසැම්බර් 09 වැනි දින ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Dec 2025

නාවික හමුදාධිපති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාව සඳහා දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහනව වැනි (19) මාණ්ඩලික පාඨමාලාව සඳහා දේශනයක් පැවැත්වීම, 2025 දෙසැම්බර් මස 08 වැනි දින එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී සිදුකෙරිණි.

10 Dec 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සිට නිල වශයෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි, අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ තුන්වැනි කොටසෙහි (Block No 3) සිට නිල වශයෙන් ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නා‍ගොඩ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, ශ්‍රී ලංකා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා හිටපු නාවික හමුදාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් යුතුව අද (2025 දෙසැම්බර් 09) අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ, නාවික හමුදා මූලස්ථානයෙහි ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

09 Dec 2025

75 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් ශ්‍රී දළඳා මාලිගාවේ ආගමික වතාවත් සිදුකෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2025 දෙසැම්බර් මස 08 දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද දින (2025 දෙසැම්බර් 09) සිදුකෙරිණි.

09 Dec 2025