නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ජනතා අයිතියට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා අවුට්රීව් ප්‍රොජෙක්ට්ස් ගැරන්ටි ලිමිටඩ් සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ හා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද 1074 සහ 1075 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් (02) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක (02) ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ඇලහැර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයේ යාය 06, ඉහල කොටස, බෙදුම්ඇල ග්‍රාමයෙහි සහ ගල්මුල්ල, මළුවයාය, බකමූණ යන ස්ථානයන්හී ස්ථාපනය කර ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිදු කෙරිණි.
මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන මඟින් එම ප්‍රදේශ ආශ්රිත ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, මෙම එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මඟින් දිනකට ජලය ලීටර් 10000 ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතී.
තවද, මෙම අවස්ථාව සඳහා අවුට්රීච් ප්‍රොජෙක්ට්ස් ගැරන්ටි ලිමිටඩ් සමාගම නියෝජනය කරමින් එම සමාගමේ මෙහෙයුම් කළමණාකාරිනී තියුමි අබේසිංහ මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහකාර කළමණාකාරිණි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.