අභිනව නාවික හමුදාධිපති ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද (2024 දෙසැම්බර් 31) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරුණු මෙම ප්‍රථම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් පත්වීම සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත ආරක්ෂක ලේකම් විසින් සිය සුභ පැතුම් පිරිනැමිමෙන් අනතුරුව, ජාතික සමුද්‍රිය අභිලාශය සාක්ෂාත් කර ගැනීම සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යය භාරය ඇතුළු වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ආරක්ෂක ලේකම් අතර අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.
තවද, නාවික හමුදාධිපති විසින් ආරක්ෂක ලේකම් හමුවූ මෙම ප්‍රථම නිල හමුව සංකේතවත් කරමින්, නාවික හමුදාධිපති සහ ආරක්ෂක ලේකම් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.