නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය හා බටහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් අමතයි
වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසුව, ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය ඇමතීම, අද (2024 දෙසැම්බර් 31) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
ඒ අනුව, ජාතික සමුද්‍රිය අභිලාසය සාක්ශාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිවැරදි දිශානතියට මෙහෙයවීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟ පෙන්වීම ලබාදීමට නාවික හමුදාධිපති ලෙස කැපවන බව පැවසූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සහ නාවික හමුදාවේ සම්පත්, පිරිස්බලය සහ තාක්ෂණය උපරිම ශක්ති ප්‍රමාණයෙන් දායක කරවීමේ උපායමාර්ගික සැලැස්ම ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය අමතමින් එහිදී අදහස් දැක්වීම සිදු කෙරිණි.
අනතුරුව, නාවික හමුදාධිපති විසින් බටහිර නාවික විධානයට අයත් ආයතන, නෞකා සහ යාත්රාවන්වට අයත් නිලධාරින් හා නාවිකයින් ඇමතීම නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි. එහිදි අදහස් දැක්වු නාවික හමුදාධිපති, නාවික හමුදාවේ සම්පත්, පිරිස් බලය සහ තාක්ෂණය උපරීම කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදවමින් දේශයේ සමුද්‍රිය අභිලාශය සාක්ශාත් කර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව සිදුකරණූ ලබන කාර්යය භාරය අඛණ්ඩව සහ උසස් අන්දමින් ඉදිරියටත් සිදු කිරීම සඳහා සියලුම නාවික හමුදා පුද්ගලයින්ගේ කැපවීම නාවික හමුදාව අපේක්ෂා කරන බව අවධාරණය කෙරිණි.
ඒ සඳහා; නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නාවිකයින් සහ කණිෂ්ඨ නාවිකයින් අතර අංශ ක්‍රමය ක්‍රියාත්මක කරමින් මනා අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතු බවත්, ශ්‍රී ලංකාවට අයත් සාගර කාලාපයේ පමණක් නොව ජාත්‍යන්තර මුහුද දක්වා, සාම්ප්‍රදායික නොවන සමුද්‍රිය අභියෝග ඇතුළු නීති වීරෝධි කටයුතු මැඩ පවත්වා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රිය ආරක්ෂාව වෙනුවෙන් සිදුකරණු ලබන මෙහෙයුම් සඳහා සියලුම නාවික හමුදා පුද්ගලයින් තම වෘත්තිය අත්දැකීම් සහ දැනුම උපරිම කාර්යක්ෂමතාවයෙන් යෙදවිය යුතු බවත් පවසන ලදි.
එමෙන්ම, භාහිර පාර්ශවයන්ගේ බලපෑමට හසුවී නිතී විරෝධී කටයුතු සඳහා දායක වීම හෝ අනුබල දීමෙන්, නාවික විනය හා මනා පාලනයට පටහැනිව කටයුතු කර, නාවික හමුදාවේ කීර්තිනාමයට හානි ගෙනදෙන ක්‍රියාවන්ගෙන් වැලකිය යුතු බවත්, කණිෂ්ඨ නාවිකයින් පමණක් නොව තරුණ නිලධාරීන්ද නිවැරදි දිශානතියට යොමු කිරීමට ජ්‍යේෂ්ඨ නාවිකයින් තම සේවා අත්දැකීම් හා දැනුම ලබා දෙමින් නාවික හමුදාවේ ගමන්මඟ නිවැරදි දිශානතියට යොමු කිරීමට සහය විය යුතු බවත් පවසන ලදි.
තවද, සෑම විටම තම රාජකාරීය නිවැරදිව සහ උසස් අන්දමින් ඉටුකිරීමෙන් ජයග්රාහි නාවික හමුදාවක සාඩම්බර සාමාජිකයින් වීමට සියළුම නාවික හමුදා පුද්ගලයින් අධිෂ්ඨානශිලීව කැපවිය යුතු බව පැවසූ නාවික හමුදාධිපති, උදාවන 2025 වර්ෂය සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙතත්, සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙතත්, සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනය කෙරිණි.