නාවික හමුදා උත්තමාචාර මැද අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය වසර 37 කට අධික සේවාකාලය අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 31 ) විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
ඒ අනුව, අද (2024 දෙසැම්බර් 31 ) උදෑසන නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ධුරයේ රාජකාරීන් අභිනව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත භාරදීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි.
අභිනව නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ සිට ඔහු පිටව යන මොහොතේ, ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.