ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා මුලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත උත්තමාචාර පිරිනැමීම සිදු කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත හඳුන්වාදීම සිදු කෙරිණි.
මෙම සංචාරයේදී නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අතර පැවති සුහද පිළිසඳරකින් පසු, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.