කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි
කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක, අධ්‍යක්‍ෂ නාවික විද්‍යුත් සහ දුරකථන සන්නිවේදන ඉංජිනේරු වශයෙන් රාජකාරි සිදුකල අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී විසින් කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක වෙත වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ධූරයේ රාජකාරීන් භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.