‘Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාවේ රියර් අද්මිරාල් YING Hongbo සහ රියර් අද්මිරාල් HE Yongming ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (2024 දෙසැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ‘Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර, එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේද දායකත්වය සහිතව සිදු කිරීමට අපේක්‍ෂිත වෛද්‍ය සායන සහ විශේෂ ප්‍රථිකාර ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන් මෙන්ම, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක් පැවැත් විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.