වැදගත් සිදුවීම්

නාවික හමුදා දායකත්වයෙන් අනුරාධපුර රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 දෙසැම්බර් මස 20 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි

20 Dec 2024

නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 21 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) විසිරයාම අද (2024 දෙසැම්බර් 20) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී සිදු කෙරිණි. නාවික තාක්‍ෂණික ආයතනයේ වැඩ බලන පුහුණු අධ්‍යක්‍ෂ කොමාණ්ඩර් (ඉංජිනේරු) ආර්එස් ද සොයිසා ගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී සහභාගී විය.

20 Dec 2024