වැදගත් සිදුවීම්
උතුරු විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 වැනි දින උතුරු විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
19 Dec 2024
ඉලක්කයට පිහිය විසිකිරීමේ ක්‍රීඩාව නාවික හමුදාව වෙත හඳුන්වාදීමේ වැඩසටහනක්
ඉලක්කයට පිහිය විසි කිරීමේ ක්‍රීඩාව ප්‍රථම වරට නාවික හමුදා ක්‍රීඩා අංශයට හඳුන්වාදීමේ තෙදින වැඩ මුළුවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 12 වැනි දින වැලිසර නාවික සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි.
19 Dec 2024
ගුවන් හමුදා මුදාගැනීමේ පාඨමාලා සඳහා නාවික හමුදාවේ සහාය
මීගමුව බ්‍රවුන්ස් බීච් ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් 18 වැනි දින ශ්‍රී ලංනා ගුවන් හමුදාව මඟින් සිදු කරන ලද ගුවන් මුහුදු මුදාගැනීමේ පාඨමාලාවන් සාර්ථකව නිමකිරීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීම සිදු කෙරිණි.
19 Dec 2024
ආරක්ෂක නියෝජ්‍ය ඇමති රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බලයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය පිළිබද සොයාබැලීම සඳහා වන සාකච්ඡාවක් අද (දෙසැ 11) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
19 Dec 2024
74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් උතුරු මැද විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 17 වැනි දින උතුරු මැද විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
19 Dec 2024


