ගුවන් හමුදා මුදාගැනීමේ පාඨමාලා සඳහා නාවික හමුදාවේ සහාය

මීගමුව බ්‍රවුන්ස් බීච් ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් 18 වැනි දින ශ්‍රී ලංනා ගුවන් හමුදාව මඟින් සිදු කරන ලද ගුවන් මුහුදු මුදාගැනීමේ පාඨමාලාවන් සාර්ථකව නිමකිරීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීම සිදු කෙරිණි.

ඒ අනුව, 2024 නොවැම්බර් මස 04 වැනි දින සිට දෙසැම්බර් මස 20 වැනි දින දක්වා කටුනායක, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ පාසල සහ ගිනි නිවන උපකරණ නඩත්තු බලඝණයේ ගිනි නිවන භටයින්ගේ ගුවනින් ගොඩබිමට සහ මුහුදට ගලවා ගැනීමේ මෙහෙයුම් පුහුණු අභ්‍යාසයේ අවසන් අධියර සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් සිදු කෙරුණු ඉල්ලීමකට අනුව අවශ්‍ය යාත්‍රා සහ නාවික හමුදා පුද්ගලයින් යොමුකර මෙලෙස නාවික හමුදාවේ සහාය ලබාදීම සිදු කෙරිණි.