ඉලක්කයට පිහිය විසිකිරීමේ ක්රීඩාව නාවික හමුදාව වෙත හඳුන්වාදීමේ වැඩසටහනක්
ඉලක්කයට පිහිය විසි කිරීමේ ක්රීඩාව ප්රථම වරට නාවික හමුදා ක්රීඩා අංශයට හඳුන්වාදීමේ තෙදින වැඩ මුළුවක් ශ්රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 12 වැනි දින වැලිසර නාවික සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, 2024 දෙසැම්බර් මස 14 වැනි දින සාර්ථකව අවසන් වුණු මෙම ඉලක්කයට පිහිය විසිකිරීමේ පුහුණු වැඩමුළුව, ක්රීඩා පිහි විසිකිරීමේ ජාත්යන්නර සංගමයේ සභාපති, රුසියානු ජාතික Andrey Trokhov මහතාගේ සහ රුසියානු ජාතික උපදේශක වරියක් වන Varvara Soldatkina මහත්මියගේ දායකත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ත්රිවිධ හමුදා සාමාජිකයන් හතලිස් දෙදෙනෙකු (42) සහභාගී වූහ.
තවද, වැඩ මුළුව සඳහා සහභාගීවූ ත්රිවිධ හමුදා සාමාජිකයන් අතුරින් හතලිස් දෙදෙනෙකු (42) පිහිය විසිකිරීමේ ක්රීඩක උපදේශයින් ලෙසත් ඉන් විසි දෙදෙනෙකු (22) විනිශ්චය කරුවන් ලෙසත් සුදුසුකම් ලැබීය.