නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 දෙසැම්බර් මස 15 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරතවී, එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ, තාවුල්පාඩු නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ස්ථාපනය කළ වෙරළබඩ මුර යාත්‍රා අළුත්වැඩියා අංගනය, නාවික අනුඛණ්ඩ ඔලුතුඩායි හි පරිපාලන ගොඩනැගිල්ල හා පොදු භෝජනාගාර පහසුකම් සහිත දෙමහල් කණිෂ්ඨ නාවික නිවාස සංකීර්ණය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික විවාහක නිවාස විවෘත කිරීම සිදුකෙරිණි.