නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 05 ක් ජනතා අයිතියට
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කරුඳුවැව හා කැලේසියඹලාව, තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කුඩාබිලිවැව, කිත්සිරි සහ ගඟසිරිපුර යන ප්‍රදේශයන්හි ස්ථාපනය කරන ලද ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන පහක් (05) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 10 වැනි දින සිදු කෙරිණි.
ඒ අනුව, මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේවන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන 17 ක් ස්ථාපනය කෙරුණු අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, කහටගස්දිගිලිය, නොච්චියාගම, සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් තුල ස්ථාපනය කෙරෙන තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 14 ක් දෙසැම්බර් මස 13 වැනි දින වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.