පූජ්‍ය Thich Phuoc Tan ඇතුළු කණ්ඩායමක් නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක
ඕස්ට්‍රේලියාවේ පූජ්‍ය Thich Phuoc Tan ගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 42 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 දෙසැම්බර් මස 10 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර, රණක්ෂිතයට පත්ව, නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් හා ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැවීම වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම එහිදී පූජ්‍ය Thich Phuoc Tan විසින් සිදු කෙරිණි.
ඒ අනුව, “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානය වෙත පැමිණි පූජ්‍ය Thich Phuoc Tan ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම එම මධ්‍යස්ථානය වෙත පිළිගැනීම, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ විසින් සිදු කෙරුණු අතර, රණක්ෂිතයට පත් නාවික රණවිරුවන් සඳහා නව කෘතීම පාද සැකසීම වෙනුවෙන් සහ නාවික හමුදා සුභසාධන අරමුදල වෙත රුපියල් මිලියන 2 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම එහිදී පූජ්‍ය Thich Phuoc Tan විසින් මෙලෙස සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් පූජ්‍ය Thich Phuoc Tan වෙත සමරු තිළිණයක් ප්‍රධාන කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කෙරුණු අතර, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.