නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 10) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.

මෙම නිල හමුවීමේදී, ජාතික ආරක්‍ෂාව හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර එහිදී සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළණයක් ප්‍රධානය කිරීමද සිදු කෙරිණි.