උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේතනායහන් මහතා නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේතනායහන් මහතා නිල හමුවක් සඳහා 2024 දෙසැම්බර් මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, මෙම නිල හමුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු පළාතේ සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සහ සමාජීය මෙහෙවර ව්‍යාපෘති ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමා සහ නාවික හමුදාධිපති අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග සහ නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ද සහභාගී විය.

තවද, මෙම නිල හමුවීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති විසින් ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීම ද එහිදී සිදු කෙරිණි.