නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2024 (Public Speaking Competition - 2024) සහ 2024 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්රදානය කිරීම, 2024 දෙසැම්බර් මස 05 වැනි දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ හා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු (නැසීගිය) ගේ මැතිනිය, මොනිකා ප්‍රනාන්දු මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදුකෙරිණි.
නාවික හමුදා පුද්ගලයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සහ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් මෙම කථික තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් වශයෙන් කාණ්ඩ තුනක් (03) යටතේ වාර්ෂිකව පවත්වනු ලබයි.
ඒ අනුව, 2024 දෙසැම්බර් මස 05 වැනි දින පැවති, නාවික හමුදා කථික තරඟාවලිය - 2024 හි අවසන් තරඟයෙන්, සුවිශේෂි දක්ෂතා පෙන්නුම් කරමින් පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් නිලධාරීන් වෙත සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් හා පිළිවෙලින් රුපියල් 100,000.00, 75,000.00 සහ 50,000.00 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා කථික තරඟාවලියේ ජ්‍යේෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් එච්එම්එස්සීබී රාජපක්ෂ විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඒජිඑස් සිල්වා විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩබ්ඒපිකේ වගආරච්චි විසින් ද හිමිකර ගැනීමට සමත් විය.
කථික තරඟාවලියේ කණිෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය උප ලුතිනන් ඩබ්ඒපි විශ්වජිත් විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් එච්කේජේඒ දයාසේන විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් අයිඑස් කුඩලිගම විසින්ද හිමිකර ගන්නා ලදී.
නාවික හමුදා කථික තරඟාවලිය - 2024 හි විනිශ්චය මණ්ඩලය ලෙස අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු රොහාන් ජෝෂප්, ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් සමාජයේ (Toastmasters Internationals) සලීම් එම් සමීන් මහතා සහ හින්ග්ස්ටන් ලොවෙල් මහතා කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා පුද්ගලයින්ගේ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2024 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලියේ, කොමාණ්ඩර් නිලයෙන් ඉහළ අංශයේ ප්‍රථම ස්ථානය කොමාණ්ඩර් එන්එස් වික්‍රමසිංහ විසින්ද, එහි දෙවන ස්ථානය කොමාණ්ඩර් පීඑන් සමරවික්‍රම විසින් සහ තෙවන ස්ථානය කොමාණ්ඩර් කේඩිඩිඑස් දිසානායක විසින් ද හිමිකර ගැනීමට සමත් විය.
රචනා තරඟාවලියේ ලුතිනන් කොමාණ්ඩර් නිලයෙන් පහළ නිලධාරී අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ජිකේඅයි ස්වර්ණහංස විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් ඩිඩිඩිසි වීරසිංහ විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩිකේජීඒආර්එස් ජයසිංහ විසින් ද හිමිකර ගැනීමට සමත් විය.
රචනා තරඟාවලියේ නාවිකයින්ගේ අංශයේ ප්‍රථම ස්ථානය නායක තොරතුරු තාක්ෂණ එම්සීඑම් සිල්වා විසින්ද, දෙවන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික ආර්ඩීඒඑල් රාජසිංහ විසින් ද, තෙවන ස්ථානය නායක විදුලි කාර්මික යූජිජිජි කුමාරතුංග විසින් ද හිමිකර ගැනීමට සමත් විය.
මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දක්ෂ කථිකයන් නාවික හමුදා කථික තරඟයට ඉදිරිපත් කිරීම සඳහා සෑම නාවික විධානයකම Toastmasters Club පිහිට විය යුතු බවත් අවධාරණය කළ නාවික හමුදාධිපති, නිවැරදිව සංනිවේදනය කිරීමට හැකියාව සහිත පුද්ගලයින් හමුදාමය රාජකාරී පරිසරයක පමණක් නොව ඕනෑම ආයතනයකට විශාල සම්පතක් බවත්, එලෙස හැකියාව නොමැති පුද්ගලයින් ඒ සඳහා පුහුණු කිරීමට මෙවැනි තරඟාවලි මඟින් විශාල දායකත්වයක් ගෙනදෙන බවත් ප්‍රකාශ කරන ලදි. නිවැරදිව තමන්ගේ අවශ්‍යතාවය තම කණ්ඩායම වෙත සංනිවේදනය කිරීමට නොහැකිවීමෙන් අපේක්ෂිත අරමුණට තම කණ්ඩායම මෙහෙයවීමට නායකත්වයට නොහැකි වන බව පැවසූ නාවික හමුදාධීපති, නිර්මානාත්මක සහ විද්‍යාණුකූලව ලිවීමේ හැකියාවද නායකයෙකු හට එකසේ වැදගත් වන බව පවසන ලදි. මෙවැනි තරඟාවලි මඟින් අනාගත නාවික හමුදාව වෙත දක්ෂ නායකයින් බිහිකිරීම, නාවික හමුදාව අපේක්ෂා කරන බවත්, ඒ සඳහා විශාල දායකත්වයක් ගෙනදෙනු ලබන මෙම තරඟාවලිය සඳහා සහභාගී වී දක්ෂතා පෙන්වු නාවික හමුදා පුද්ගලයින් පමණක් නොව ඒ සඳහා සහභාගීවු සියළුම නාවික හමුදා පුද්ගලයින් වෙත සුභ පැතීමට නාවික හමුදාධිපති විසින් එහිදී කටයුතු කෙරිණි. එමෙන්ම මෙම තරඟාවලිය සාර්ථකව සංවිධානය කල නාවික හමුදා පර්යේෂණ ඒකකයේත් අද්මිරාල් ක්ලැන්සී ප්‍රනාන්දු රචනා තරඟාවලිය සඳහා අඛණ්ඩව දායකත්වය දක්වන මොනිකා ප්‍රනාන්දු මැතිනිය ඇතුළු එම පවුලේ සැමගේත්, හොඳම නිර්මාණ තේරීම සඳහා දායකවු විනිශ්චය මණ්ඩලගේත් දායකත්වය එහිදී නාවික හමුදාධිපති විසින් ඇගයීමට ලක් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කාංචන බානගොඩ, බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ඇතුළු නාවික හමුදා මූලස්ථානය සහ නාවික විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.