නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන විශේෂ දන්ත වෛද්‍ය සායන මාලාවේ පළමු වැඩසටහන කරුවලගස්වැව සහ රොටවැව ප්‍රදේශයන් හිදී 2024 නොවැම්බර් මස 25 සහ 26 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි, අධ්යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු ගේ අධීක්ෂණයෙන් කරුවලගස්වැව රංග ශාලාවේදී සහ රොටවැව දිමුතු පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී මෙලෙස ජංගම දන්ත වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, ඒ සඳහා එම ප්‍රදේශ ආශ්රිත පාසැල් ළමුන් ඇතුළු පුද්ගලයන් දෙසිය අනූ එක් (291) දෙනෙකු සහභාගී වී දන්ත වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට සිදු කෙරිණි.