74 වන නාවික හමුදා සංවත්සර දින සුහද හමුව වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ සුහද හමුව 2024 නොවැම්බර් මස 22 වන දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හා එම මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හා එම මැතිණිය, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ හා එම මැතිණිය, ශ්‍රී ලංකා වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය, හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයන් ගේ ගෞරවනීය සහභාගීත්වය සමඟින් එම උත්සවය උත්කර්ෂව පැවැත්විණි.
නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය මුල්කර ගනිමින් සංවිධානය කල මෙම සුහද හමුව, නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් පැමිණි සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් නාවික හමුදාවේ කාර්යය භාරය ඉටුකිරීම වෙනුවෙන් කැපවී කල සේවය හා ඉටුකරනු ලබන සේවය ඇගයීම වෙනුවෙන් සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් වාර්ෂිකව නාවික හමුදා සම්ප්‍රදායක් ලෙස පවත්වනු ලබන සුහද හමුව නාවික හමුදා වාද්‍ය වෘන්දයේ හා සංස්කෘතික නර්තන අංශයේ ගායන, වාදන සහ නර්තන අංගයන් ගෙන් විචිත්‍රවත් විය.
එමෙන්ම, එම අවස්ථාව සඳහා සහභාගී වූ විශ්‍රාමික හා සේවයේ නියුතු නිලධාරීන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංවිධානය කෙරුණු විවිධ තරඟ ඉසව්වන්ගේ ජයග්‍රාහකයින් වෙත; අනුග්‍රාහක භවතුන්, නාවික හමුදා සුභසාධන අංශය සහ සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් වටිනා ත්‍යාග පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, බටහිර නාවික විධානයේ හා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු විධාන ආඥාපති වරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.