දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද (2024 නොවැම්බර් 20) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
පළමුවන හා දෙවන ලෝක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට මෙම පොපි මල් සැමරුම ආරම්භ වී ඇති අතර, වර්තමානයේදී මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් මෙම පොපි මල් සැමරුම පවත්වනු ලබයි. ඒ අනුව, යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම විරෝධාර නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී අද (2024 නොවැම්බර් 20) සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ උප සභාපති රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ (විශ්‍රාමික) ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.