මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන් 27 දෙනෙකු විසිර යති
නාවික හමුදා මැරීන් බළකායේ නවවන (09) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් හත් දෙනෙකු (07) සහ නාවිකයින් විසි දෙනෙකු (20) හට ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් සංජීව කොඩිකාර ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, 2024 නොවැම්බර් මස 19 වන දින ත්‍රීකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරිණි.
ඒ අනුව, මාස අටක් (08) පුරා පැවැත්වූ අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වූ නාවික හමුදා පුද්ගලයින් 31 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමකින් ආරම්භ කළ නවවන (09) බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව, සාර්ථකව අවසන් කළ නිලධාරීන් හත් දෙනෙකු (07) සහ නාවිකයින් විසි දෙනෙකු (20) වෙත අභිමානවත් මැරීන් බළඇණි ලාංඡනය පැළඳවීම, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් සිදු කෙරිණි. තවද, පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික හමුදා පුද්ගලයන් හට කුසලාන ප්රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, නවවන මැරීන් බළඇණි පාඨමාලාවේ විශිෂ්ඨතම මැරීන් සාමාජිකයා වශයෙන් උප ලුතිනන් ආර්එම්සී කරුණාරත්න, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා වශයෙන් ලුතිනන් ඒඑච්ජීසී ද සිල්වා, දක්ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් උප ලුතිනන් ඩීඑම්එච්එස්එල් දිසානායක සහ දක්ෂතම ඉලක්කකරු වශයෙන් ලුතිනන් ඒඑච්ජීසී ද සිල්වා කුසලාන හිමිකර ගන්නා ලදී. එමෙන්ම, මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව, නාවික හමුදා මැරීන් බළඇණියේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන ආකර්ෂණීය සංදර්ශනයකින් ද වර්ණවත් විය.
මෙහිදී, සාර්ථකව පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, විසිර යන ලද නාවික හමුදා පුද්ගලයන් වෙත සිය සුභාශිංසන පිරිනමා පුහුණුවෙන් ලද පන්නරය තුලින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමට දායක වන ලෙසත්, රාජකාරි දිවියේදී මෙන්ම පෞද්ගලික දිවියේදීද ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට මෙම පුහුණුව උපයෝගි කර ගන්නා ලෙසත්, මව්බිමට එරෙහිව නැගෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමට සුදානම් විය යුතු බව සහ සෑම විටම දැනුම හා පුහුණුව යාවත්කාලීන කර ගනිමින් නිරන්තර අවධානයෙන් රාජකාරි කළ යුතු බවත් පවසන ලදී.
තවද, මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු සංජීව පෙරේරා, අධ්යක්ෂ මැරීන් කොමදෝරු රොහාන් දිසානායක, අණදෙන නිලධාරී ශ්‍රී ලංකා නාවික නෞකා විදුර හා පළමු වන මැරීන් බළඇණිය, කොමාණ්ඩර් සමන්ත දිසානායක ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, යුද හා ගුවන් හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම විසිර යන ලද නාවික හමුදා පුද්ගලයින්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගි වී සිටියහ.