ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 16 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class guided missile destroyer වර්ගයට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව, දිගින් මීටර් 155.2 හා නැව් මුළුව 333 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Jonathan B. Greenwald කටයුතු කරනු ලබයි.

තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Michael Murphy’ නෞකාව 2024 නොවැම්බර් මස 17 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.