ධීවරයින් වෙනුවෙන් නාවික හමුදාව මඟින් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය හා එක්ව ධීවරයින් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක (Basic Life Support - BLS) පුහුණු වැඩසටහන් 2024 ජූලි මස 14 වන දින සිට 2024 නොවැම්බර් 08 වන දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ ධීවර වරායේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් ලෙස සිදුකළ මෙම වැඩසටහන මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම, මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන්, මුලික කම්පන සත්කාර, බෝ නොවන සහ පූර්ව බෝ නොවන රෝග සඳහා පරීක්ෂා කිරීම මෙන්ම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීමටද කටයුතු කෙරිණි.