ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, නිල හමුවක් සඳහා පසුගියදා (2024 නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අටවන (08) අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති හමු වූ ප්‍රථම නිල හමුව ලෙස මෙය සනිටුහන් වූ අතර, එහිදී නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් වෙත නාවික හමුදාධිපති විසින් සුභපැතුම් පිරිනැමීම සිදු කෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.