ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති ගරු Semih Lütfü Turgut අද දින (2024 නොවැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති අතර දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය ඇතුළු ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.