‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානය නාවික හමුදා මූලස්ථානයේදී
ජාතික ආරක්‍ෂක අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව සංකේතාත්මකව ප්‍රදානය කිරීම අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
ඒ අනුව, ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව සඳහා 2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 12 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඉන් ක්‍රියාත්විත සේවයේදී ආබාධිතවී විශ්‍රාමිකව සිටින නානැවි ඩීඑම්ඒ ගුණවර්ධන යන කණිෂ්ඨ නාවිකයාගේ ශිෂ්‍යත්ව විභාගය සමත් දියණිය වෙත ‘රන් කැකුළු’ ළමා ඉතුරුම් ගිණුමක් සහ පාසල් උපකරණ සංකේතාත්මකව ප්‍රදානය කිරීම මෙලෙස නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි
තවද, අනෙකුත් ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබා ඇති දූ දරුවන් හට හිමි ‘රන් කැකුළු’ ළමා ඉතුරුම් ගිණුම් සහ පාසල් උපකරණ, ඉදිරියේදී එම දරුවන් පදිංචි ලිපිනයට අදාල නාවික විධානයන් වෙතින් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.