වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 නොවැම්බර් 04) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙත රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන විසින් ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම, එම විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.
තවද, වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වෙත නාවික සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.