නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්රමෝපායන් පිළිබඳ උපදේශක පාඨමාලාවේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයේ සහතික ප්රදානය ත්‍රීකුණාමලයේදී
ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී පැවැත්වුණු නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්රමෝපායන් පිළිබඳ කලාපීය උපදේශක පාඨමාලාවේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව පුහුණු අභ්‍යාසයේ සහතික ප්රදානය ත්‍රීකුණාමලය Sober Island Resort හි දී 2024 නොවැම්බර් මස 01 වන දින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සංවිධානය කරන ලද නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ මෙම උපදේශක පාඨමාලාවේ මූළික අරමුණ වූයේ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තරව සුදුසුකම් ලත් උපදේශකයින් ලෙස සහභාගිවන්නන් පුහුණු කිරීමයි. එහිදී මුහුදේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය ක්රමෝපායන්හි ප්‍රායෝගික සහ න්‍යායික දැනුම ලබාදීම සිදු කෙරිණි. රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයේදී එවැනි ආපදාවන් සාර්ථකව කළමණාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සිදු කෙරිණි.
එමෙන්ම, මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයින් විසි දෙනෙකු (20) සහභාගී වූහ.
තවද, එහි සහතිකපත් ප්රදානය Sober Island Resort හි දී පැවති අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිත අශාන්ති ප්‍රනාන්දු මහත්මිය, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධාන පුහුණු උපදේශක Stuart Melvil මහතා, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රමුදි ලංකානදී මෙනවිය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ උපදේශකවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.