ගිණිකොන නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති ලෙස කොමදෝරු හර්ෂ ද සිල්වා වැඩ භාර ගනී
ගිණිකොන නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති වශයෙන් පත් කෙරුණු කොමදෝරු හර්ෂ ද සිල්වා අද දින (2024 ඔක්තෝබර් 30) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ වැඩ බලන ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගිණිකොන නාවික විධානය වෙත කොමදෝරු හර්ෂ ද සිල්වා පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව වැඩ බලන ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, ගිණිකොන නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග වෙත නාවික සම්ප්‍රදායානුකූලව ගිණිකොන නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.