රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි

අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස පත්වූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

තවද, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස ඉදිරියට කටයුතු කරනු ඇත.