උතුරු මැද නාවික විධානයේ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ පුස්සදේව ආයතන තුළ සුභසාධන පහසුකම් පුළුල් කරමින්, අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික නිවාස, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 18 සහ 19 දින විවෘත කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, උතුරු මැද නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය යටතේ, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් සාර්ථකව සම්පූර්ණ කළ, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ, නාරාපාඩු නාවික අනුඛණ්ඩයේ සහ වන්කාලෛයිපාඩු අංක III වෙරළ නිරීකෂණ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාස සහ ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කාන්තා නාවික නිවාසය මෙලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.