උතුරු නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් පල්ලිකුඩා වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 23 දින විවෘත කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අයත් පල්ලිකුඩා වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ තුළ මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු උතුරු නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පසුගිය 2024 මැයි මස 15 වන දින ආරම්භ කර, ඉදිකිරීම සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, මෙලෙස 2024 ඔක්තෝබර් මස 23 වන දින විවෘත කෙරිණ.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.