ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නාවික කෞතුකාගාරය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
වැලිසර, ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නාවික කෞතුකාගාරය විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ සහ මව්බිම වෙනුවෙන් දිවි පිදූ කොමාණ්ඩර් (ස්වේ) සෙඩ්රික් මාර්ටින්ස්ටයින් රණ විරුවා ගේ මැතිණිය, දිල්රුක්ෂි මාර්ටින්ස්ටයින් මහත්මිය ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
1937 අංක 01 දරණ ස්චේච්ඡා නාවික හමුදා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රථම වරට මෙරට නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. 1950 දෙසැම්බර් මස 09 දින රාජකීය ලංකා නාවික හමුදාව ලෙස මෙරට ස්ථිර නාවික හමුදාව ආරම්භ වීමෙන් අනතුරුව, 1952 ජනවාරි මස 09 දින රාජකීය ලංකා ස්චේච්ඡා නාවික හමුදාව ආරම්භ විය. එතැන් සිට ක්‍රමිකව විකාශනය වූ ස්චේච්ඡා නාවික හමුදාව, 1972 වර්ෂයේදී ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදාව බවට පරිවර්තනය විය.
එලෙස ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදාවේ ආරම්භයේ සිට වර්තමානය දක්වා දීර්ඝ විකාශනය තුළ වැදගත් අවස්ථා හා සිදුවීම් පිළිබඳ ඵෙතිහාසික වැදගත්කමක් ඇති ඡායාරූප සහ සිහිවටන සංරක්ෂණය කර තැබීමේ අරමුණෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ගේ අධීක්ෂණය යටතේ මෙම නාවික කෞතුකාගාරයේ ඉදිකිරීම් 2024 ජූනි මස 10 දින ආරම්භ කෙරිණි.
මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල වීරෝධාර ස්චේච්ඡා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් ගේ නම් ඇතුලත්, මෙම අභිනව කෞතුකාගාර පරිශ්‍රයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා, රණවිරු කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටින්ස්ටයින් ඇතුළු රණවිරුවන් වෙත, දිල්රුක්ෂි මාර්ටින්ස්ටයින් මැතිනිය විසන් උපහාර පුදකිරීමෙන් අනතුරුව, අභිනව නාවික කෞතුකාගාරය විවෘත කිරීම සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී, කොමදෝරු (ස්වේ) සුසන්ත ධර්මසිරි, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරී, කපිතාන් ඩීඒ ගුණවර්ධන (විශ්‍රාමික) ඇතුළු ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.