ජාතික ආරක්ෂක පාඨමාලාවේ නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපති වෙතින් පිරිනැමෙන රාත්‍රී භෝජන සංග්‍රහය, එම විද්‍යායතනයේ තෙවන (03) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙනුවෙන් පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 23 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී සිදුකෙරිණි.
ලොව ජාතික ආරක්ෂක විද්‍යායතනයන්හි සිදුකෙරෙන හමුදාමය සම්ප්‍රදායානුකූල අංගයක් ලෙස (Military tradition) ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරන නිලධාරීන් සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීම සිදුකෙරිණි. ඒ අනුව, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් යාපා හා එම මැතිණිය, ඇතුළු පාඨමාලාවට අයත් දේශීය හා විදේශීය ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විද්‍යායතනයේ අධ්‍යයන කාර්යය මණ්ඩලය සහ එම මැතිණියන් නාවික හමුදාධිපති හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ලමාහේවා මැතිණිය විසින් බටහිර නාවික විධානයේ නිලධාරී නිවාසය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, මෙම සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය ඇතුළු නාවික හමුදා සේවා වනිතා විධායක කමිටු සමාජිකාවන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ.