ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 03 වන පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන (03) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, 2024 ඔක්තෝබර් මස 23 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල්, සූජීව සෙනරත් යාපා ගේ ආරාධනයෙන්, එම විද්‍යායතනයේ තෙවන (03) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් මෙම දේශනය සිදු කෙරිණි.
“Sri Lanka Navy - National Security Concerns” යන කාලීන මාතෘකාව යටතේ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා බලපානු ලබන භූ දේශපාලනික වාතාවරණය, ඒ ආශ්‍රීත ආර්ථික අභියෝග සහ එම අභියෝග කළමණාකරනය කිරීම සඳහා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳ එහිදි අවධානය යොමු කරමින් දේශණය සිදු කෙරිණි.
මෙරට සාගර කලාපය ඔස්සේ ඉන්දියානු සාගරය හරහා ජාත්‍යන්තර මුහුද දක්වා සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව මෙහෙයුම් සිදුකරන ආකාරය, සාගරය ඔස්සේ පැනනගින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග අභිභවනය කිරීම සඳහා සහ සාගරයේ නීත්‍යානුකූල භාවිතය හා නිදහස් මුහුදු ගමනාගමනය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ලොව නාවික හමුදා සහ සමුද්‍රීය සංවිධාන ගණනාවක සහභාගීත්වයෙන් ස්ථාපිත කර ඇති ඒකාබද්ධ සමුද්‍රීය බලකාය සමඟ ශ්‍රී ලංකාව සන්ධානගත වීම, එම බලකාලයේ 154 වන කාර්යය සාධක බලකායට එළඹෙන වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව අණදීමට නියමිත වීම, වශයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්රමුඛතාවයන් ජාත්‍යාන්තර සාගරය දක්වා විහිදි ඇති ආකාරය සිය දේශණය මඟින් නාවික හමුදාධීපති විසින් පැහැදිලි කෙරිණි. ඒ සඳහා, නාවික හමුදාව ඉදිරියේදී වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් විද්‍යානුකූලව සකස් කරන ලද උපායමාර්ගික සැලැස්මක් (SLNMS 2030) සහිතව පුළුල් සාගර කලාපයක සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා නාවික හමුදාව කලාපීය හා කලාපීය නොවන නාවික හමුදා සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කරනු ලබන ආකාරය ඇතුළු ජාතික සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගනිමින්, ස්ථාවර සාගර කලාපයක් පෝෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යය භාරය පිළිබඳව අවධාරණය කෙරිණි.
එමෙන්ම, සමුද්‍රීය බලය ගෝලීය වශයෙන් විවිධ පාර්ශ්වයන් වෙත බලපෑම් කිරීම සඳහා උපයෝගී කරගන්නා ආකාරය, එහි කාලීන අදාළත්වය, ඉන්දියානු සාගර කලාපයේ වත්මන් භූදේශපාලනික සහ ආර්ථික වාතාවරණය තුල සමුද්‍රීය බලය හා එහි උපායමාර්ගික වැදගත්කම ආදී සංකල්ප පිලිබඳව මෙන්ම, දූපත් රාජ්‍යක් වශයෙන් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳිම් ඇතුළු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු පුළුල් වපසරිය පිළිබඳව සිය දේශණයේදී නාවික හමුදාධිපති විසින් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන (03) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ගේ අවධානය යොමු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරාල්, සුජීව සෙනරත් යාපා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.