උතුරු නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන් ප්‍රතිසංස්කරණය කරන ලද පිහාටු පන්දු ක්‍රීඩාංගනය සහ නවීකරණය කරන ලද ප්‍රධාන මුළුතැන්ගෙය උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 22 දින විවෘත කෙරිණි.
උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා මෙම ඉදිකිරීම් 2024 අගෝස්තු මස 10 වන දින ආරම්භ කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහ කපිතාන් විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු පොර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු සාර්ථකව සම්පුර්ණ කිරීමෙන් අනතුරුව, මෙලෙස ඔක්තෝබර් මස 22 වන දින විවෘත කෙරිණ.